දේශිය පුවත්

සරත් වීරසේකරගේ පුත්‍රයාගේ නම පොලිස්පතිවරයා කපා දැමුවේ පියුමි හංසමාලිගේ සිද්ධිය නිසාද ? නැත්නම් සරත් වීරසේකරගේ පුතා නිසාද ? – PHOTOS

සරත් වීරසේකරගේ පුත්‍රයාගේ නම පොලිස්පතිවරයා කපා දැමුවේ පියුමි හංසමාලිගේ සිද්ධිය නිසාද ? නැත්නම් සරත් වීරසේකරගේ පුතා නිසාද ? - PHOTOS

පොලිස් රෝහලේ වසර 09ක සේවය සපුරන වෛද්‍යවරයෙක් වන සචිත්‍ර වීරසේකර.. ඔහු හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය, රෙයා අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරගෙ පුත්‍රයායි.

වර්තා වන පරිදි සචිත්‍ර වීරසේකර කියන්නෙ පොලිස් ස්වේච්ඡා සේවයෙ සහකාර පොලිස් අධිකාරිවරයෙක් (ASP) වගේ ම වෛද්‍යවරයෙක්. අවුරුදු 9ක් පොලීසියට සේවය කරපු, කුඩා ම තනතුරේ සිට ලොකුම තනතුර දක්වා සියලු පොලිස් නිලධාරින්ට පොලිස් රෝහල තුළ ඉහළ ම වෘත්තීය සේවාවක් දුන් වෛද්‍යවරයෙක්.

කෙසේ වෙතත්, එළඹෙන 2026 වසරෙ ජනවාරියේදී සේවා දිගුවකට සහ පොලිස් අධිකාරි තනතුරට සුදුසුකම් ලබා තිබියදී, වර්තමාන පොලිස්පති විසින් සචිත්‍ර වීරසේකරගෙ නම පමණක් ඉවත් කරලා, අනෙක් වෛද්‍යවරුන් පස්දෙනාගෙ නම් පමණක් නිර්දේශ කරලා පොලිස් කොමිසමට ලියුමක් ගහලා කියලයි ආරංචිය..

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් සමාජ මාධ්‍ය පුරා සංසරණය වූ සටහන පහතින්,

කලකිරීමෙන් ලියන වග නම්…

test 5

මේ ෆොටෝ එකේ ඉන්නෙ Sachithra Adheesha Weerasekera. පොලිස් රෝහලේ වසර 09ක සේවය සපුරන වෛද්‍යවරයෙක්. සචිත්‍ර වීරසේකර කියන්නෙ කොළඹ ආනන්ද විද්‍යාලයයෙ කීර්තිමත් ආදිශිෂ්‍යයෙක්. මගෙ සමවයස් බැච්මේට් කෙනෙක්. කොළඹ ආනන්ද විද්‍යාලයයෙ සංගීත කවයෙ 2004-2005 වර්ෂය සඳහා මම උපසභාපති තනතුර දරපු කාලෙ, සංගීත කවයෙ මගෙ සභාපතිවරයා. පාසල් කාලෙ දීප්තිමත් ශිෂ්‍යයෙක්, තබ්ලා විශාරද කෙනෙක්, දක්ෂ ක්‍රීඩකයෙක් වගේ ම පාසල් ශිෂ්‍යනායකයෙක්. (දැන් නම් අමතර ව සිනමා නළුවෙක්.)

ඒ එක්ක ම බොහෝ දෙනා නොදන්න තව පැත්තක් තියෙනව. සචිත්‍ර කියන්නෙ හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය, රෙයා අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරගෙ පුත්‍රයා. දැඩි ජාතිකවාදියෙක් සහ ඒ නිසා ම දේශපාලනික ව මාත් එක්ක මතවාදී ව නිතර ගැටෙන ප්‍රතිවාදියෙක්. ඒ මතගැටුම් මොකක් වුණත් අවසානයෙ ජාතිකත්වය කියන තැනින් කතාව ඉවර කරන මනුස්සයෙක්.

සචිත්‍ර වීරසේකර කියන්නෙ පොලිස් ස්වේච්ඡා සේවයෙ සහකාර පොලිස් අධිකාරිවරයෙක් (ASP) වගේ ම වෛද්‍යවරයෙක්. අවුරුදු 9ක් පොලීසියට සේවය කරපු, කුඩා ම තනතුරේ සිට ලොකුම තනතුර දක්වා සියලු පොලිස් නිලධාරින්ට පොලිස් රෝහල තුළ ඉහළ ම වෘත්තීය සේවාවක් දුන් වෛද්‍යවරයෙක්. බෙහෙත් ගන්න සල්ලි නැති රෝගීන්ට සිය පෞද්ගලික මුදලින් බෙහෙත් අරගෙන දීපු මනුස්සයෙක්. අතින් කයිට් කාගෙන අවුරුදු 04ක් ගෝනහේන සහ කටුකුරුන්ද කඳවුරු වල නිළධාරින්ගේ සෞඛ්‍යය ගැන හොයල බලපු මනුස්සයෙක්. එක දවසට සායනික ලෙඩ්ඩු 220ක් බලලා වාර්තා තියපු මනුස්සයෙක්. ඒ වගේ ම, කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව සම්බන්ධ පශ්චාත් උපාධි පාඨමාලාවකට, ලංකාවෙන් ම සුදුසුකම් ලැබූ 15 දෙනාගෙන් එක් කෙනෙක්.

ඒත් සචිත්‍රව ලංකාවෙ පොලිස් සේවයට එපා වෙලා තියෙනව. 🙂

එළඹෙන 2026 වසරෙ ජනවාරියේදී සේවා දිගුවකට සහ පොලිස් අධිකාරි තනතුරට සුදුසුකම් ලබා තිබියදී, වර්තමාන පොලිස්පති විසින් සචිත්‍ර වීරසේකරගෙ නම පමණක් ඉවත් කරලා, අනෙක් වෛද්‍යවරුන් පස්දෙනාගෙ නම් පමණක් නිර්දේශ කරලා පොලිස් කොමිසමට ලියුමක් ගහලා.

වරද: “වෛද්‍ය වීරසේකර දේශපාලනය කර තිබේ”

ගරු Ananda Wijepala ඇමැතිතුමා, මේ කවර නම් අසාධාරණයක් ද?

පොලිස් රෝහලේ සේවය කළ වසර 09ක කාලය තුළ කිසිම ආකාරයක චෝදනාවක් නොලද, කිසිදු අක්‍රමිකතාවකට සැකයට වත් භාජනය නොවුණු, සිය දේශපාලන අදහස් කිසිදාක වෘත්තියට සම්බන්ධ කර නොගත්, අවිවාදයෙන් ම පොලිස් රෝහලේ ජනප්‍රිය ම වෛද්‍යවරයා බවට සියල්ලන් ම (දේශපාලන ප්‍රතිවාදීන් පවා) එකහඬින් එකඟ වන, සැබෑ ම වෘත්තිකයකුට මේ කරන කැපිල්ලේ තේරුම මොකක් ද?

කෙළින් ම අහන්නම්: තමන්ගෙ පියා පසුගිය රජයක අමාත්‍යවරයකු වීම ද මේ මනුස්සයාගේ වරද? 🙂

රජයේ වෛද්‍යවරයෙක්, පොලිස් නිලධාරියෙක් පමණක් නොව හිටපු ප්‍රබල ම අමාත්‍යවරයකුගෙ පුතෙක් ලෙස හිතේ හැටියට දේශපාලනය කරන්න පුළුවන්කම තියෙද්දී, සිවිල් බලය, ජනප්‍රියත්වයේ බලය සහ දක්ෂකමේ බලය යන සියල්ල තියෙද්දී, අඩුවශයෙන් තමන්ගෙ තාත්ත එක්ක පවා දේශපාලන වැඩ නොකරපු මනුස්සයෙකුට මේ කරන චෝදනාවෙ පදනම මොකක් ද? පෞද්ගලික යාළුමිත්‍රයන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් ඇරෙන්න බොහෝ දෙනා වෛද්‍ය සචිත්‍රගෙ පියා සරත් වීරසේකර බව දන්නෙත් නැහැ. ඔහු එහෙම මනුස්සයෙක්. තමන් සේවය සපයන ග්‍රාමීය රෝහලක අඩුපාඩුවක් දැක්කාම වුණත්, පාසලේ මිතුරන්ට කතා කරලා සම්පත් සම්පාදනය කරගෙන, තමන්ගෙ නමක් වත් නොගෑවෙන්න නිර්නාමික ව අදාළ අඩුපාඩුව සම්පූර්ණ කරන මනුස්සයෙක්. එහෙම මනුස්සයෙක් දේශපාලනය කළා කියන්නෙ මොන පදනමින් ද?

පොලිස් නිල ඇඳුමෙන් මාලිමාවෙ වේදිකාවට නැඟපු විශ්‍රාමික DIG ශානි අබේසුන්දරට “අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ” නමින් වෙන ම තනතුරක් පවා හදලා සේවයට ගත්ත ආකාරය අපට අමතක නෑ. අපි ඒකට විරුද්ධ වුණෙත් නෑ. අපි ඒක අනුමත කළා. මොකද විශ්‍රාම ගියා නොගියා, දේශපාලනය කළා නොකළා, දක්ෂයාට තැන ලැබෙන්න ඕන කියන එක අපි විශ්වාස කළ නිසා. දේශපාලනය කිරීම යන්න සේවා දිගුවකට නුසුදුසුකමක් නම් දැන් සේවයේ ඉන්න වෛද්‍යවරුන්, පොලිස් නිලධාරීන් බොහොමයකට ලබන වසරේ ඉ‍ඳල ගෙදර ඉන්නයි වෙන්නෙ.

කරුණාකරලා මෙහෙම තුට්ටු දෙකේ කැපිලිවලට ඉඩදෙන්න එපා. සිය වැඩිහිටි වෘත්තීය ජීවිතය කොහේ හෝ දියුණු රටකට ගිහිල්ලා සැපෙන් සනීපෙන් ගතකරන්න පුළුවන්කම තියෙද්දී මේ මිනිස්සු මේ රටේ නැවතිලා දුක් විඳගෙන, පැය 12-16 සේවය කරන්නෙ, රටෙන් ලබපු අධ්‍යාපනයට ණය ගෙවන්න ඕන කියන ඉත්තෑවා ඉන්න නිසා. මේ වගේ මිනිස්සුන්ටත් රට එපා වෙලා දාල යන තැනට වැඩ කරන්න එපා. දේශපාලන ප්‍රතිවාදීත්වය තියෙද්දී පවා අපි මේ මිනිස්සුන්ව බය නැතිව එන්ඩෝස් කරන්නෙ හෘදයසාක්ෂියට එකඟ ව ඒක කළ යුතු නිසා.

කරුණාකරලා මේ මිනිස්සුන්ට සාධාරණයක් කරන්න.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button