
කලාව තුළින් බිහිවෙන ඉතාමත් ජනප්‍රිය සොදුරු චරිත ඔවුන්ගේ විවාහයෙන් පසු බොහෝ විට දැක ගන්නට ලැබෙන්නේ නැහැ. අපි මේ කතා කරන්නට යන සොඳුරු කලාකාරිනිය ද විවාහයෙන් පසුව දැක ගැනීමට නොහැකි වී තිබෙනවා.
ඊට හේතුව වන්නේ ඇයගේ විවාහයෙන් පසුව ආදරණිය බිරිඳක් මෙන්ම දරුවන් දෙදෙනකුගේ මවක් වශයෙන් ඇය මේ වන විට කාර්යබහුල ජීවිතයක් ගත කරන නිසාය.
ඇය නමින් භාග්‍යා ගුරුසිංහ වේ. විවිධ දැන්වීම් වල රඟපෑම් කටයුතු ඔස්සේ කලාවට පිවිසීමට අවස්ථාව උදාවන ඇය කලා ලෝකයේ පෑයූ සුන්දර පුංචි තාරකාවියක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්.
නිතරම මුවඟ සිනාවකින් පිරි හුරතල් පෙනුමක් ඇති භාග්‍යා ට එවක බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම ආදරය ද ලැබුනා. භාග්‍යා ගුරුසිංහ රංගන කටයුතුවලින් අෑත් වී වසර හතකට වඩා වැඩි කාලයක් වැඩ අතර.
විවාහයෙන් පසු සම්පූර්ණ වශයෙන්ම රඟපෑම් කටයුතුවලින් ඉවත් වන්නට ඇය කටයුතු කර තිබෙන අතර ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයා පිළිබඳ කතා කිරීමේදී ඔහේ බොහෝ දෙනකු ගෞරව කරන වන්දනා කරන කතරගම දේවාලයේ කපු මහතෙකු වේ.
බොහෝ වෙලාවට ඔහු එම දේවාල කටයුතු සමග කාර්ය බහුල වීම නිසා ගෙදර වැඩ දරුවන්ගේ වැඩ සියල්ල ඇයට පැවරී ඇති අතර මේ නිසා රංගන කටයුතු සිදු කිරීමට ඇයට කාලයක් නොමැති බව පවසා තිබුණා.
පුතුන් දෙදෙනකුගේ ආදරණීය මවක් වන ඇය නිවසට වී කාලය ගත කරන අතර රෙදි ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර මේ සඳහා ඇයගේ සහෝදරිය ගෙන් ද සහය ලබා ගනිමින් කුඩා කර්මාන්ත ශාලාවක් ශාලාවක් ද පවත්වාගෙන යනු ලබනවා.
කාලයක් මෙරට ප්‍රේක්ෂකයා හමුවට පැමිණි හුරුබුහුටි සුන්දර යුවතියක් වූ ඇය අද වන විට වගකීම් රැසක් දරණ ආදරණීය බිරිඳක් මෙන්ම මවක් වශයෙන් කටයුතු කරනු ලබනවා.