දේශිය පුවත්

“එයා හිතලා තියෙන්නේ මම ලෝයර් කෙනෙක් කියලා.. ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැඳලා සල්ලි ගත්තා..” එදා උසාවි සංකීර්ණයේදී සිදුවුණු තවත් සිද්ධියක් ගැන ඉෂාරා සෙව්වන්දිගෙන් අනාවරණයක්..

"එයා හිතලා තියෙන්නේ මම ලෝයර් කෙනෙක් කියලා.. ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැඳලා සල්ලි ගත්තා.." එදා උසාවි සංකීර්ණයේදී සිදුවුණු තවත් සිද්ධියක් ගැන ඉෂාරා සෙව්වන්දිගෙන් අනාවරණයක්..

ඉෂාරා සෙව්වන්දි ඇතුළු මෙම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට අපේක්ෂා කරන බව පොලිසිය සඳහන් කළා.
ඔවුන් හයදෙනා නේපාලයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ ප්‍රධානත්වයෙන් නේපාලයට ගිය කණ්ඩායමක් එරට පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකදීයි.

අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි, ගනේමුල්ල සංජීව ඝාතනය කළ දිනයේදී අධිකරණ භූමියේ සිදුවු සිදුවීමක් සම්බන්ධයෙන්ද පොලිසිය හමුවේ පවසා පාපොච්චාරණය කර තිබුණා.

මෙහිදී ඇය පවසා ඇත්තේ තමා නීතිඥවරියක් ලෙස සැරසී එදින උසාවියට ගොස් ගනේමුල්ල සංජීව රැගෙන එන තෙක් නීතිඥයින් වෙනුවෙන් වෙන් කර තිබු විවේකාගාරයේ රැදී සිටි බවයි.

එම අවස්ථාවේදී එහි පැමිණි කාන්තාවක් නඩුවකට පෙනී සිටින ලෙස තමාගෙන් ඉල්ලූ බවද ඇය පවසා ඇත..

“ගනේමුල්ල සංජීවට වෙඩි තියන්න උසාවියට ආව වෙලාවේ මම හිටියේ නීතිඥවරුන්ට වෙන් වුණු විවේක කාමරයේ. එතනට ආව අසරණ පෙනුමක් තියෙන කාන්තාවක් මට කතා කළා. එයා හිතලා තියෙන්නේ මම ලෝයර් කෙනෙක් කියලා. එයාගේ සැමියා එයාට හොඳටම ගහලා ඒකට අදාළ නඩුව ඒ අධිකරණයේ තිබ්බේ. එයා මට කිව්වා මගේ ළඟ තියෙන්නේ රුපියල් 1000 ක් විතරයි ඒක අරගෙන ඒ නඩුවට පෙනී ඉන්න කියලා. මම කිව්වා මම ඇවිත් ඉන්නේ වෙන නඩුවකට පෙනීඉන්න, අතන ඉන්න ලෝයර්ට කතාකරන්න කියලා එතන හිටිය ලේඩි ලෝයර් කෙනෙක් මම පෙන්නුවා. එයා එතනට ගිහින් කතා කලා. ඒ ලෝයර් එයාගෙන් රුපියල් 2000 ක් ඉල්ලුවා. ඒ ගෑනු කෙනාට කරගන්න දෙයක් නැතිව අසරණ විදිහට මගේ මූණ දිහා බැලුවා. මම එයාට එළියට කතා කරලා මගේ අතේ තිබුණ රුපියල් 5000 ක් දීලා අර ලෝයර්ට දෙන්න කිව්වා. ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැඳලා සල්ලි ගත්තා”

test 5

………………………………………….
මොවුන් ලංකාවට රැගෙන ඒමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් ස්ථාන තුනක් වෙත යොමු කිරීමට පියවර ගනු ලැබුවා.

ඉෂාරා සෙව්වන්දි, ඩුබ්ලිකේට් තක්ෂි, ජැෆ්නා සුරේෂ් සහ ජේ.කේ බායි යන අය වැඩිදුර විමර්ශන සඳහා රැගෙන ආවේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙතයි..

නුගේගොඩ බබී නමැත්තා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දුන් අතර, ගම්පහ බබා නමැත්තා රැගෙන ආවේ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයටයි.

අත්අඩංගුවට ගත් ජේ.කේ. බායි සහ ජැෆ්නා සුරේෂ් නැමැත්තා, කෙහෙල්බද්දර පද්මේ ඝාතනයෙන් පසු ඉෂාරා සෙව්වන්දිට මෙරටින් පළායෑමට සහාය දැක්වු අය වන අතර, ඔවුන් කෙහෙල්බද්දර පද්මේගේ අපරාධ ජාලයට සම්බන්ධ බව ද පොලිසිය සඳහන් කළා.

පොලිසිය කියා සිටියේ, ජේ.කේ බායි නමැත්තා මෙරට අපරාධකරුවන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පිටමං කිරීමේ ජාවාරමට සම්බන්ධ ප්‍රධානතම සැකකරු බවයි.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටින නුගේගොඩ බබී නැමැත්තා ද මනුෂ්‍ය ඝාතනයට සහ කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙක් බවට හඳුනාගෙන තිබෙනවා.
2019 වසරේ සිදුකළ මනුෂ්‍ය ඝාතනයකින් අනතුරුව ඩුබායි බලා පළා ගොස් සිටි ඔහු 2024 වසරේදි අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අයෙක්.

ඔහු සන්තකයේ තිබි 9mm වර්ගයේ ගිනි අවියක් ද සොයාගෙන තිබු අතර, අදාළ නඩු විභාගවලින් අනතුරුව පසුගිය මැයි මාසයේදී ඔහු මන්නාරමේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළා ගොස් දුම්රියෙන් නේපාලයට ගොස් ඇත.

ගම්පහ බාබා ශාන්ත නමැත්තාද කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ ජාලයට සම්බන්ධ අයෙක් බව හඳුනාගෙන ඇති අතර, වීරගුල ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයකට සහ ගම්පහ ඔස්මන් ඝාතන සැලැස්මට ද ඔහු සම්බන්ධ බවට හඳුනාගෙන තිබෙනවා.

ඔහුද පසුගිය අගෝස්තු මාසයේදී මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළා ගොස් එතැන් සිට දුම්රියෙන් නේපාලයට ගොස් තිබු අතර, මෙම අපරාධකරුවන් සියලුදෙනාට මෙරටින් පළා යෑමට සහාය දක්වා තිබුණේ ජේ.කේ. බායි නැමැත්තායි.

එමෙන්ම ඒ, වෙනුවෙන් රුපියල් කෝටියක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ජේ.කේ. බායි නමැත්තාට කෙහෙල්බද්දර පද්මේ විසින් ලබා දී ඇති බවට ද වාර්තා වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button