අහුලගත්ත ගොසිප්

නැවත වරක් සුන්දර මනාලියක් වී යුග දිවියට පිවිසෙන්නට සිටින උමාලි

එදා මෙදා තුර කලා ක්ෂේත්රයට බිහි වූ යොවුන් රංගන තාරකාවියන් අතර බොහෝ ප්රේක්ෂකයින් ආදරය කරන දක්ෂතාවයෙන් මෙන්ම ජනප්රියත්වයෙන් ද ඉහළින් තැබිය හැකි ඉතා නිහතමානී, සුරුපී රංගන ශිල්පිනියක් තමයි උමාලි තිලකරත්න කියන්නේ.

මේ වන විට නිර්මාණයන් හරහා වැඩි අපට දක්නට නොලැබුණත් ටෙලි, සිනමා නිර්මාණයන් රාශියක් හරහා ප්රේක්ෂක හදවත් තුළ ලැගුම් ගැනීමට ඇය සමත් ව තිබෙනවා.

එම නිසාම අදටත් ඇයගේ නාමය ප්රේක්ෂක සිත් තුළ ඉහලින් ම රැඳී තිබෙන බව නම් නොරහසක්. ඒ වගේම 2014 වර්ෂයේ ජනප්රිය රංගන ශිල්පියෙකු මෙන්ම දක්ෂ ගායන ශිල්පියකු ද වන සාරංග දිසාසේකර සමඟ විවාහ දිවියට ඇතුළත්වන ඇය

යම් යම් හේතූන් මත විවාහය දෙද රා ගොස් 2018 වසරේ එම විවාහයෙන් නීතියෙන් වෙන් වුන බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්.

ඉන්පසු ඔහු ජනප්රිය රංගන ශිල්පිනී දිනක්ෂි ප්රියසාද් සමග අතිනත ගෙන මේ වන විට පිය පදවියට ද උරුමකම් කියූවද උමාලි මෙතෙක් තනිවම තම දිවි ගමන පැමිණ තිබෙනවා.

test 5

කෙසේ නමුත් මේ වන විට උමාලි තම තනි කමට තිත තබා නව වසරේ නැවතත් විවාහ දිවියට පා තැබීමට තීරණය කර ඇති බවයි අපට දැනගන්නට ලැබුණේ.

ඔහු ඇයගේ පවුලේ සමීප සාමාජිකයෙකු වන අතර ඇය සාරංග ගෙන් වෙන්ව ශෝකයෙන් සිටි කාලයේ ඇයගේ හිත හදා ගැනීමට උපකාර කර ඇත්තේ ඔහු විසින් බවයි කියා සිටියේ.

ඒ වගේම වෘත්තියෙන් මනෝවිද්යා මහාචාර්යවරයෙකු වන ඔහු ඇයගේ සිහිනයක්ව පැවති මනෝ විද්යාඥවරියක වීමේ සිහිනයට යෑමට ද ඇයට අත දෙන බවයි උමාලි කියා තිබුණේ.

ඇය කලා ක්ෂේත්රයේ සිටින සම්මානනීය රංගන ශිල්පිනියක වුවත් කුඩා කල සිට ප්රියතාවක් දක්වා ඇත්තේ රංගනයට නොව මනෝ විද්යාව වෙතට බවත්,

රංගනය නිසා ඉන්දියාවෙන් ලංකාවට පැමිණීමට සිදු ව ඇති ඇයට ඉන් පසු එම සිහිනයට යෑමට අවස්ථාවක් නොලැබුණු බවයි කියා සිටියේ.

නමුත් මේ වන විට තම අනාගත සහකරු නිසා නැවතත් තම සිහිනය කරා යෑමට දොරටු විවර කරගෙන ඇති උමාලි කියා සිටින්නේ අතීතය ගෙවී හමාර බැවින් ඇය අතීතය ගැන සිතා දුක් නොවන බවත්, අනාගතය වඩාත් හොඳ බැවින් අනාගතය හා මේ ගෙවෙන සුන්දර කාලය සතුටින් ගෙවන බවයි.

ඉතින් ඔබ අප කවුරුත් බෙහෙවින් ආදරේ කරන මේ සුන්දර ,නිහතමානී රංගන ශිල්පිනිය ඉදිරියේදී පා තැබීමට නියමිත විවාහ දිවියටත් ,ඇයගේ ඉදිරි අනාගතයට හා සියලුම වැඩ කටයුතු වලටත් සුබ ප්රාර්ථනා එක් කර සිටින්න අපි අමතක කරන්නේ නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button