ජන්දිමාල්ගේ සාදය දවසේ පියුමිගේ වෙනස්ම ෂොට් එකක් ගත්ත ඡායාරූප ශිල්පියාට පියුමිගෙන් සැර පිළිතුරක්

මීට පෙර ලිපි වලින් ද මෙරට ප්රසිද්ධ චරිතයක් මෙන්ම රූපලාවන්ය ශිල්පියෙකු වශයෙන් කටයුතු කරන චන්දිමාල් ජයසිංහ පිළිබඳ විවිධ තොරතුරු ඔබ වෙත ගෙන එන්නට කටයුතු කරනු ලැබුවා.
ඒ චන්දිමාල් ජයසිංහ විසින් පවත්වනු ලබන වෙනස්ම ආකාරයෙන් රාජකීය උපන්දින සාදයේ විස්තර සහ ඡායාරූප ඒ ඔස්සේ ගෙන එනු ලැබුවා.
කෙසේ නමුත් මෙරට දිවිතත් ප්රසිද්ධ චරිතය කලාකරුවන් එක් කර ගනිමින් ඔහු පවත්වන මෙම රාජකීය උපන්දින සාදය මෙරට සමාජ මාධ්ය තුළ නිතරම කතාබහට ලක් වන සාදයක් මෙන්ම විවිධ ජනප්රිය චරිත ගණනාවක් ද දැක ගැනීමේ අවස්ථාව උදා වෙනවා.
චන්දිමාල් ජයසිංහ පිළිබඳ කතා කරන විට නිරූපණ ශිල්පිනියක් වශයෙන් කටයුතු කරන මෙරට බොහෝ සේ සමාජ මාධ්ය තුළ කතා බහට ලක්වන චරිතයක් වශයෙන් පියුමි හංසමාලි පිළිබඳ මතක් කළ යුතුම වේ.
ඊට හේතුව වන්නේ පසුගිය කාලය පුරාවට විවිධ පුවත් මවන්නට ඔවුන් දෙපළ සමත් වු නිසයි. කෙසේ නමුත් ඔවුන් දෙපළ හොද මිතුරන් වේ.
චන්දිමාල් විසින් පවත්වන රාජකීය උපන්දින සාදය සඳහා අනිවාර්යයෙන් ම ඇයගේ සහභාගිත්ව දක්නට ලැබෙනවා. ඉතින් එම සුන්දර සොදුරු ඡායාරූප ගණනාවක් පසුගිය දිනක සමාජ මාධ්ය තුල නිකුත් වී තිබූ අතර එම ඡායාරූප අතරින් බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ පියුමි හන්සමාලිගෙ එක් ඡායාරූපයක් දක්නට ලැබුණා.
මෙම ඡායාරූපය සමාජ මාධ්ය තුළ බොහෝ සේ සැරිසරන ඡායාරූපයක් බවට පත් වුනා. මේ ඡායාරූපය ලබා ගැනීම සම්බන්ධයෙන් පියුමි එම ඡායාරූපය ලබා ලබා ගත් ඡායාරූප ශිල්පියාට දොස් පවරා තිබුණා.
නමුත් ඇය විසින් දොස් පවරා තිබූ ඡායාරූප ශිල්පියා එම සාදයේ වීඩියෝ කටයුතු පමණක් සිදුකර ඇති අතර ඡායාරූප ගැනීම තමන් විසින් සිදු නොකළ බව ප්රකාශ කර තිබුණා. පසුව ඔවුන් දෙදෙනාගේ සාකච්ඡාවකින් අනතුරුව එම ගැටලුව නිරාකරණය කර ගැනීමට ඔවුන්ට හැකි වුණා.