උණුසුම් පුවත්ගොසිප් පුවත්

කීර්ති නාමයට කළ අපරාධයට ටීචර් අම්මා හෙවත් හයේෂිකා ප්‍රනාන්දු පොලිසියට විරුද්ධව පොලිසි යයි

පහ වසර ශිෂ්‍යත්ව පුද්ගලික උපකාරක පන්ති ගුරුවරියක් ලෙස කටයුතු කරන ටීචර් අම්මා හෙවත් හයේෂිකා ප්‍රනාන්දු නමැත්තිය විසින් කටාන පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව වැඩ බලන පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස එම පොලිස් ස්ථානාධිපතිවරයා තමන්ගේ කීර්ති නාමයට හානියක් වන අයුරින් හා අපහාසයට පත්වන ආකාරයෙන් කටයුතු කර තිබීම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

පසුගිය 6වෙනි දා තම ආයතනයේ සේවය කළ සේවිකාවකට ලිංගික හිංසා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් තම ආයතනයේම සේවය කරන ලද තරුණයෙකුට එරෙහිව පැමිණිල්ලක් කිරීමට ගිය අවස්ථාවේ හා ඉන් අනතුරුව සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් ඇය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button