උණුසුම් පුවත්දේශපාලන පුවත්

වසීම් සිද්ධිය යට ගැහුවේ සිරිපාල හෝ ඥානරත්නම් නෙමේ රට පාලනය කළ පාලකයන්

වසීම් තාජුඩීන්ගේ ඝාතනය වැනි අපරාධ සිදු කර ඇත්තේ ගමේ වෙසෙන සිරිපාලලා හෝ ඥානරත්නම්ලා වැනි සාමාන්‍ය පුද්ගලයන් නොව රට පාලනය කළ පාලකයන් බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, අදාළ අපරාධ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රතිඵල මත, වැරදිකරුවන් දේශපාලන ක්‍රියාකාරීන් ද නැද්ද යන්න නොසලකා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

මෙවැනි අපරාධ සිදුකර ඒවා වසන් කරමින් යටපත් කිරීමට ක්‍රියා කර ඇත්තේ රටේ පාලකයන් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, 2012 වසරේ සිදු වූ වසීම් තාජුඩීන් ඝාතනය, 2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාව සහ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි සිදුවීම් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අනුව නීතිය ක්‍රියාත්මක වන බවද කියා සිටියේය.

මෙම අපරාධ පිළිබඳව සිදු කෙරෙන කිසිදු පරීක්ෂණයකට වත්මන් රජය මැදිහත් නොවන බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Source – Gossip Lanka News

test 5

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button