මව්කුසේ ඉද්දි තමයි මුලින්ම මම පාසලකට ගියේ ප්‍රවීණ රංගන ශිල්පී ජනක් ප්‍රේමලාල්

ප්‍රවීන ජනප්‍රිය දක්ෂ නිහතමානී රංගධරයෙක් විදියට හඳුන්වන්නට පුලුවන් විශාල ප්‍රේක්ෂකාදරයක් ලඳ අපූරු කලාකරුවෙක් තමයි, ජනක් ප්‍රේමලාල් කියල කියන්නේ.
ජනක් ප්‍රේමලාල් කලාකරුවා පාසල් යන කාලේ පාසලේ විදුහල්පතිතුමා වීරකෝන් මහතා ඇතුළු මුළු ගුරු මණ්ඩලයම ඔහුට හරි ආදරෙයිලු.
මුලින්ම ගෝවින්න කණිෂ්ඨ විද්‍යාලයෙන් සිප් සතර හදාල ජනක් ප්‍රේමලාල්ගේ ආදරණීය මෑනියන් ද එම පාසලේ ගුරුවරියක වන අතර, ආදරණීය පියාණන් ගෝවින්න මහා විද්‍යාලයේ ගුරුවරයෙකු වනවා.
ඉතින් හවස් වරුවට පියා වැඩ කරන පාසලේ ළමයින්ට නාට්‍යය පුහුණු කරනවා, බලන්න ඔහුත් පියත් එක්ක යනවාලු. 5 වසරේ දී හොරණ ශ්‍රීපාලි විද්‍යාලයට යන ජනක් ප්‍රේමලාල් මෙන්න මේ වගේ කථාවක් තමයි කියන්නේ.
“ශ්‍රීපාලි විද්‍යාලය විල්බට් ඒ පෙරේරා මහතා විසින් හදලා තියෙන්නේ, ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ අනුරුවක් විදියටයි. ඒක හරි අමුතුම පාසලක්.
අත්කම් නිර්මාණ පැඳුරු විවීම වේවැල් භාණ්ඩ හැදීම පොල් ඉරටුවලින් විවිධ භණ්ඩ හැදීම වගේ හරි කලාත්මක දේවල් ඒ පාසල මඟින් ඉගැන්වූවා.
උදේට පන්සිල් දීලා උදා රැස්වීම පටන් ගන්නවා. පස්සේ ළමයි හැමෝම සිංදු කිය කියා පාසල වටේ යනවා හරියට පෙළහරක් වගේ. පාසලේ සංගීත ගුරුතුමා තමයි “බැද්ද පුරා සුදු රෙද්ද” වගේ ගීතය ගායනා කරන පියසිරි විජේරත්න ගායන ශිල්පියා.
එතුමා සංගීතය උගන්වද්දී සර්පිනාව ඇස් දෙක පිවාගෙන තමයි ගහන්නේ. ඉතින් ඒ කාලේ ඔහු කොල්ලො එක්ක එකතු වෙලා කෙල්ලොන්ට උසුළු විසුලු කරනවා.
දවසක්දා ගුරුතුමා ඇස් දෙක අරිද්දිම කෙල්ලෙන්නට උසුලු විසුලු කරනවා දැක්කා. ඒ වෙලාවේ ගුරුතුමා හැමෝටම බැනගෙන බැනගෙන ගියා” කියලත් ය.
ජනක් ප්‍රේමලාල්ගේ පාසලේ චිත්‍ර ගුරුතුමා තමයි, සිහිල් එම්. සිරිසේන කියන්නේ. ඉතින් එතුමා නාට්‍යය එහෙම බලන නිසා කලාත්මක නිර්මාණයන් ගැන ජනක් ප්‍රේමලාල් ඇතුළු කට්ටියට කියලා දෙනවාලු.

ජනක් ප්‍රේමලාල් 8 වසරේ ඉද්දී පියා විසින් හොරණ විද්‍යාරත්න පාසලට ජනක් ප්‍රේමලාල්ව ඇතුලත් කරාලු. මේ පාසලේ නාට්‍ය ගුරුතුමා තමයි, ආරියපාල පතිරාජ කියන්නේ.
ඉතින් ජනක් ප්‍රේමලාල් එහෙම ඒ කාලේ ගුරුතුමාට යෝජනා කරාලු, “අපිට නාට්‍යයක් කරන්න ඕනේ සර්” කියලා. ඒ වෙලාවේ ගුරුතුමා කීවාලු, “නාට්‍යයට නළුවෝ නෑ නේ. හවස 2ට නට්‍යය පංතියක් පටන් ගන්නවා.
ඒ නිසා නළුවොන්ට කැමති අය ඒ වෙලාවට එන්න” කියලා. ඉතින් ජනක් ප්‍රේමලාල් හරියටම 2 වෙන්න කලින් එතනට ගියාලු. ඔන්න එක ළමයෙක් එද්දී දෙකයි එක වුණා ලු.
ඔන්න ඉතින් ගුරුතුමා ගත්තලු කොහු මිට. පාරක් ගහල පැත්තකින් තිබ්බාලු. දෙකයි හතරට තවත් ළමයෙක් ආවාලු. ඒ ළමයාට කොහු මිටෙන් හතරපාරක් ගැහුවාලු. දෙකයි දහයට ආපු ළමයාට පාරවල් 10ක් ගැහුවාලු.
“නළුවෙක් වෙන්න නම් වෙලාවට වැඩ කරන්න ඕනෑ. පළවෙනි පාඩම තමයි, “වෙලාවට වැඩ කිරීම” කියලා ගුරුතුමා හැමෝටම කියලා, නාට්‍යය පංතියේ පළවෙනි පඩම උගන්වලා පංතිය ඉවර කරා ලු.
ඔන්න ඉතින් ඊට පස්සේ නාට්‍යය පංතියෙන් “කථාවක් අතර හදියක්” කියලා නාට්‍යයක් හැදුවාලු. නළුවෝ 40ක් රඟපෑ මේ නාට්‍ය පාසල් නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය බවට තේරෙනවා.
ජනක් ප්‍රේමලාල් කලාකරුවා ඒ කාලේ උසස් පෙළ විභාගය ඉතා උසස් අන්දමින් සමත් වෙලා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරී පත් වන අතර, ජනක් ප්‍රේමලාල් නළුවෙක් කියන කථාව, විශ්ව විද්‍යාල රැග් සීසන් එකේ දී, විශ්වවිද්‍යාලය පුරාවම ප්‍රචලිත වි තිබෙනවා.
ඉතින් රැග් එකේ දී ජනක් ප්‍රේමලාල්ට තිබුණේම විවිධ විවිධ වූ චරිතයන් වල ඇක්ට් කරන්න ලු. පස්සේ තිබ්බ පිකටින් එකකදී ජනක් ප්‍රේමලාල්ට උපකුලපතිතුමාගේ චරිතේ රඟදක්වන්නට සිද්ධ වෙලා තියනවා.
ඒ කාලේ උපකුලපති තුමා ඇදලා තියෙන්නේ ජාතික ඇඳුම. ඉතින් ජනක් ප්‍රේමලාල්ටත් ඒ විදියට අන්දලා අවු කණ්ණාඩි දෙක්කුත් පළදවලා, කොල්ලෝ ටික ජනක් ප්‍රේමලාල්ට ගගහ විශ්වවිද්‍යාලයේ පුරාම අරගෙන ගියාලු.
ඉතින් ජනක් ප්‍රේමලාල් ඒ වෙලාවේ උපකුලපති බනින විදියට බනිනවාලු කොල්ලොන්ට. “අන්තිමේ දී ළමයින් 168 දෙනෙකුගේ පංති තහනමකුත් වුණා.
ජනක් ප්‍රේමලාල් කියන නම නම් ඒ සෙට් එකේ උඩින්ම .මයි තිබ්බේ” කියලත් ඔහුගේ අතීත හරබර තොරතුරු ඔන්න ඔය විදියටත් ජනක් ප්‍රේමලාල් ආදරණීය ප්‍රවීන කලාකරුවාණන් කියා සිටින්නේ.








