ගොසිප් පුවත්තරු ගොසිප්

දරුවන් සිටියත් එදා දුටු සුන්දරත්වය අදටත් පවත්වාගෙන යන සුන්දර නිළි සචිනි අයේන්ද්‍රා

එදා මෙදා තුර තමන්ගේ ප්‍රේක්ෂක ආකර්ශණය ඒ අයුරින්ම දිනා සිටින ඒ සුන්දර රංගන ශිල්පිනිය නමින් සචිනි අයේන්ද්‍රා ස්ටැන්ලි වේ.

වසර ගණනක් ඇය කලා ක්ෂේත්‍රයේ කටයුතු කළ සුන්දර කලාකාරිණියක් වන අතර ටෙලි නාට්‍ය, සිනමාව තුළින්  විවිධ චරිත ඔස්සේ ඇය ප්‍රේක්ෂකයා අතරට ගිය සුන්දර චරිතයක් වේ.

ඇය තම රංගන දායකත්ව ලබා දුන් සිනමා කෘති අතර ආදරණීය වස්සානය, හාර්ට් එෆ් එම්, අගර දගර වැනි සිනමා කෘති බොහෝ සිනමා ප්‍රේක්ෂකයන් වැළදගත් ඒවා වේ.

එදා වාගේම අදටත් ඇයගේ සුන්දරත්වට ඒ අයුරින්ම පවත්වාගෙන යන සුරූපිණියක් වේ. අදටත් තරුණයන් වසග කර ගැනීමට සමත් සාරාගී රූ සපුවක් ඇයට හිමි වේ.

test 5

ඇයව මුලින්ම හදුනා ගනු ලබන්නේ 2003 වසරේදි වන අතර ඒ එම වසරේ ශ්‍රී ලංකා රූ රැජින කිරුළ හිමි කර ගන්නේ ඇය විසින් වේ. එමෙන්ම 2004 වසරේදි හොදම සහය නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නට ද ඇය සමත් වනවා.

ඇයගේ රංගන ජිවිතයේ සුවිශේෂිම අවස්ථාවක් ලෙස 2016 වර්ෂයේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් හි පැවති ලෝක රංග කලා ශූරතාව මේ සුන්දර සචිනිට හිමි වන අතර එම ශූරතාව දිනා ගත් මෙරට ප්‍රථම ශ්‍රි ලාංකිකයා වීමටද ඇයට අවස්ථාව උදා වනවා.

අද වන විට මේ සුන්දර රංගන ශිල්පිනිය ආදරණිය දියණියන් දෙදෙනෙකුගේ මවක් වනවා. මවක් ලෙස කාර්ය බහුල ලෙස කටයුතු කරනු ලැබුවත් අයගේ විශේෂත්ව වන්නේ එදා දුටු ඒ සුන්දර පෙනුම අදටත් ඒ ලෙසම පවත්වාගෙන යාමට ඇය සමත් වන නිසයි.

මේ නිසාය තවමත් තාරුණ්‍යයේ පෙනුම ඇය තුළින් ඉස්මතු වී පෙනෙනවා. කුමන විලාසිතාවකට වුවත් ඇයගේ සුන්දරත්ව ඒ අයුරින් දැක ගැනීමටද හැකි වනවා. ඉදිරියේදි විවිධ නලා නිර්මාණය් ඔස්සේ ඇයව දැක ගැනීමේ අවස්ථාව ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයන් හට හිමි වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button