
තරුණියන්ගේ අාකර්ෂණය ඉතාමත් ඉහළින් දිනාගැනීමට සමත්වූ වර්තමානයේ අපේ රටේ රංගන විශේෂවල සිටින දක්ෂ ජනප්‍රිය කඩවසම් බවින් යුක්ත තරුණ රංගන ශිල්පියෙකු වශයෙන් සචිත්‍ර යෂ්මින්ද වීරසිංහ හඳුන්වන්නට පුලුවන් වන අතර බොහෝ දෙනෙකු අද වන විට ඔහුව හඳුනාගනු ලබන්නේ යෂ් යන නමිනි.
කඩවසම් පෙනුමත් ඔහුටම ආවේණික ගැඹුරු කටහඬත් නිසා බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් ඔහු රංගන ශිල්පියකුට අමතරව හඬ කැවීම් ශිල්පියකු වශයෙන් ද ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක් බවට අද වන විට පත්ව තිබෙනවා.
රංගන කටයුතු සහ නිවේදන කටයුතුවලට අමතරව මෝටර් රථ කාර්මික ඉංජිනේරු උපාධියක් හදාරන මේ කඩවසම් තරුණයා රංගන කටයුතු නිසා කාර්ය බහුල චරිතයක් ලෙසට අද දක්නට ලැබෙන අතර එක ගෙයි මිනිස්සු, අහිමි, වෙස්, හෙලි , රාවණා යන ඉතාමත් සුන්දර ටෙලි නාට්‍යය ඔස්සේ ජනතාව අතර වඩාත් ජනප්‍රියත්වයට පාත්‍ර වූ අතර මේ දිනවල සිරස නාලිකාවේ නාළිකාවේ විකාශය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය තුළ අනර්ඝ චරිත නිරූපණයෙන් ඔහුව දැක ගන්නට හැකියාව ලැබෙනවා.
ඔහුගේ අලුත්ම තොරතුරු පිළිබඳ සොයා බැලීමේදී යෂ් පවසා සිටියේ සුපුරුදු පරිදි සිරස නාලිකාවේ නාළිකාවේ විකාශය වන කියා කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලට අමතරව අලුත් නිර්මාණ කිහිපයකටම ඉදිරියේදී සහභාගිවීමට නියමිත බව පවසා සිටියා.
කුඩා කාලයේ සුන්දර මතකයන් අවදි කරමින් ඔහු තමන්ගේ කුඩා කාලය පිළිබඳ විමසීමේදී කියා සිටියේ අලුත් අවුරුද්ද, වෙසක්,නත්තල සුන්දර මතකයන් රැසකින් පිරි දින වකවානු වූ බවත් වෙසක් පෝය දින ළං වන විට දන්සල් වලට තොරණ් බැලීමට ඇති තරම් ගිය බවත් මුල් කාලයේ අපූරු මතකයක් අවදි කරමින් ඔහු කියා සිටියේ
පාසලේ පැවැත්වූ වෙසක් කූඩු තරඟයක් සඳහා වෙසක් කූඩු ගණනාවක් නිර්මාණය කරනු ලැබුවත් එක්ක අවස්ථාවකදී උදේ වරුවේ සිට සවස දක්වා වෙසක් කූඩුවක් නිර්මාණය කරනු ලැබුවත් එය නිසි ආකාරයෙන් කර ගැනීමට නොහැකි වූ නිසා වෙසක් කූඩුව පොළොවේ ගැසූ බවත්
නමුත් පසුව කෙසෙල් බඩයක් හා පොල් කොල රැගෙන අකුරු වෙසක් කූඩුවක් නිර්මාණය කළ බවත් ඔහු කුඩා කාලයේ මතකයන් අවදි කරමින් පවසා. ඊට අමතරව වර්තමානයේ රටටම මුහුණදීමට සිදුවූ වාතාවරණය සම්බන්ධයෙන් ද වර්තමානයේ අපේ රට සම්බන්ධයෙන් ද අදහස් දක්වන්නට යෂ් කටයුතු කර තිබුණා.