
උමාරියා සිංහවංශ කියපු ගමන් අද ඇය ගැන නොදන්න කෙනෙක් නැත. පසු ගිය දින වල උමාරියාගේ නවතම ගීතය “මන්ද පමා” ගීතය රසිකයන් අතරට පැමිණි අතර මේ නිසා ඇය තව තවත් රසිකයන් අතරට යාමට එම ගීතය සමත් වුනා.
උමාරියා සිංහවංශ ගැන කතා කරන විට ඇයගේ සහෝදරිය ගැනද කතා කළ යුතුම වේ. ඊට හේතුව වන්නේ ඇය ද ගායිකාවක් වීම නිසයි. උමාරියා සිංහවංශ කියන්නේ අපේ රටේ වාගේම ජාත්‍යන්තරයේ නමක් දිනා ගත් ගායිකාවක් ද වනවා.
ඊට හේතුව වන්නේ ඇයට භාෂා ගණනාවකින් ගීත ගායනා කිරීමට ඇති හැකියාව නිසයි. සිංහල, ඉංග්‍රීසි, ද්‍රවිඩ, හින්දි, අරාබි, ජපන් වැනි සියලු භාෂා වල ගීත ගායනා සදහා ඇය දස්කම් දක්වනු ලබයි. ඇය මේ පිළිබද සිතන්නේ දේවියන් ඇයට ලබා දුන් ත්‍යගයක් බවයි.
කුඩා කාලයේ සිට ගීත ගායනා කිරීමට කැමති ඇය කාටත් නොඇසෙන සේ ගීත ගායනා කටයුතු සිදු කරන බවත් උසස් පෙළින් පසු ඇය සංගීතය සදහා යොමු වු බවත් මතක් කර සිටියා.
ඇයගේ බටහිර ගීත ගායනා විලාශය නිසා ඇයගේ කටහඩ රසිකයන්ගේ මතකයේ රැදි පවති. ඇය විශාරද අමරදේව මහතා සමග ගායනා කළ ගීතයද සැබැවින්ම ඉතාමත් අලංකාර වු ගීත රසිකයන් අතර මතකයේ රැදුනු ගීතයක් බවට පත් වුනා.
පසුගිය දින වල සිරස නාලිකාවේ ද වොයිස් වැඩසටහන සදහා විනිසුරුවරයෙකු ලෙස ඇයගේ දායකත්වය ලබා දී ඇති අතර මේ නිසාම ඇය ගැන වැඩි වැඩියෙන් කතා බහට ලක් කරන්නට වුනා.