
ගාල්ල ඉමදූව ප්‍රදේශයේ උපන් අපූරු නිමැවුම්කුරුවෙකු ගැන තමයි ඔන්න අද අපි කථා කරන්නට සූදානම් වෙන්නේ. ඔහු නමින් සරත් මාපලගමගේ වන අතර,
අද වන විට සරත් මහතා මුළු දකුණුලක පුරවරයටම සිය දෑතින් අපූරු විල්බැරෝවන් නිෂ්පාදනය කරමින් සිය නාමය මුලු රටක් පුරාවටම ගෙන යන්නට සමත් වී තිබෙනවා.
ඉතාමත් දුක්බර අන්දමින්, මීට වසර 27කට පමණ පෙර සිට සරත් මහතාගේ ඉරණම වෙනස්වන්නට පටන් ගන්නේ, ඔහුට වූ අනතුරක් නිසාවෙනි.
ඒ බසයකට යට වී ඔහුගේ දෙපා අහිමි වීම වන අතර, එය එසේ වුවද සරත් මහතාගේ අප්‍රතිහත ධෛර්යය ගැන මොනවට කථා කරනව ද?.
සරත් මහතාට ආදරණීය දරුවන් 5දෙනෙකු සිටින අතර ඔවුනගේ මෙන්ම සිය සෙනෙහෙබර බිරිඳගේ ද අනාගතය සියතට ගනිමින්, ඒ අභියෝගය දිනන්නේ සරත් මහතා හරි අපූර්ව ලෙසින් වනවා.
ඉතින් ඔහුගේ ජීවිත කථාව මෙසේ ය. “සරත් මහතා මින් පෙර වඩු මඩුවක තමයි වැඩ කර ඇත්තේ. ඉතින් එලෙසින් යද්දී තමයි ඔහුව ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ.
එය එසේ වුවද දෑතේ කර්මාන්තයෙන් ශක්තිමත් වූ සරත් මහතා එවකට කොසු ඉදල් නිෂ්පාදනය ද සපත්තු මැසීම් ද සිදු කර තිබෙනවා. තවද එයින් ලොකූ ආදායමක් උපයා ගන්නට ඔහුට බැරි වුණු නිසා, විල්බැරෝවන් නිෂ්පාදනයට පටන් ගන්නවා.
ඉතින් ඒ දැනට වසර 10කට පමණ පෙර සිට තමයි සරත් මහතා විල්බැරෝ නිෂ්පාදනය පටන් ගන්නේ. ඒ පාන්දර 04ට පමණ අවදි වෙලා තමයි සිය ජීවිතේ ගෙනියන්නට විල්බැරෝ නිෂ්පාදනය සරත් මහතා විසින් සිදු කරන්නේ.
එලෙසින් දවසකට විල්බැරෝස් තට්ටු 7ක් පමණ ඔහු විසින් නිෂ්පාදනය කරනවා. ඉතින් දිනකට රුපියල් හත්දාහක විතර ලාභයක් ද ලබන සරත් මහතා විල්බැරෝ නිෂ්පාදනයට යොදා ගන්නා යකඩ බැරල් මිලට ගන්නේ රුපියල් 1500ක් වැනි මිලකට වන ද වනවා”.
ඔන්න ඉතින් සරත් මහතා ගේ දෑතින් නිමවන විල්බැරෝස් වල විශේෂත්වය තමයි, “එහි තට්ටු වලට යකඩ තහඩු 3ක් භාවිතා කර තිබීම” වන අතර, ඉතින් ඒ නිසාම ගැණුම්කරුවන් සරත් මහතාගේ නිවසටම පැමිණෙන අවස්ථාවන් ද බොහෝම ය.
විල්බැරෝස් වලට අමතරව සරත් මහතා විසින් නිපදවන තවත් නිෂ්පාදනයන් විදියට, “දුම් කබලවල්, තාච්චි, කුඩු ලිප්” ද වනවා.
ඉතින් සරත් මහතාට ඔහුගේ මේ අපූරු නිෂ්පාදනයන් සිදු කිරීමට සෘජුවම බලපා ඇති එකම දුෂ්කර කර්තව්‍යය විදියට, “බැරල් හිඟකම”, හැඳින්විය හැකිය.