දේශිය පුවත්

ත‍්‍රිපෝෂ නෑ…. පසුගිය 21 වැනිදා සිට ෆැක්ටරිය නවතයි… සමාගම නිවේදනය කරයි

ත‍්‍රිපෝෂ නෑ.... පසුගිය 21 වැනිදා සිට ෆැක්ටරිය නවතයි… සමාගම නිවේදනය කරයි

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට සිය නිෂ්පාදන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුව තිබෙනවා.

ඒ, බඩඉරිඟු ගෙන්වීමේ ගැටලුවක් හේතුවෙන්.

මෙම තත්ත්වය පසුගිය 21 වැනිදා සිට ක්‍රියාත්මක බව සමාගම නිවේදනය කර තිබෙනවා.

ත්‍රිපෝෂ නිපදවීම සඳහා අවශ්‍ය වන මෙට්‍රික් ටොන් 18,000 ක බඩඉරිඟු තොගයක් ආනයනය කිරීමට දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

නමුත් ආනයන පාලක ජනරාල්වරයා විසින් ඊට යම් සංශෝධන යෝජනා කිරීම නිසා එම ආනයන කටයුතු අතරමඟ නැවතී තිබෙනවා.

test 5

එමෙන්ම මෙම සංශෝධන සහිත නව කැබිනට් පත්‍රිකාව ලබන 07 වැනිදා වනතුරු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා තෙක් බඩඉරිඟු ආනයනය සීමා කර ඇත.

ඒ අනුව, ලබන 07 වැනිදා නව අනුමැතියෙන් පසු බඩඉරිඟු ආනයනය නැවත ආරම්භ වීමත් සමඟම, ත්‍රිපෝෂ නිෂ්පාදනය ද යළි යථා තත්ත්වයට පත්වනු ඇතැයි සමාගම අපේක්ෂා කෙරේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button