අහුලගත්ත ගොසිප්

“රසිකා කියන්නේ අඩු වයසින් විවාහ වුණු තරුණ අම්මා කෙනෙක්” ලංකාවම ආදරේ කරන රසිකා කීව කතාව

වේදිකාව තුළින් රංගන දිවිය අරඹා මේ වන විට වේදිකාව හරහා මෙන්ම පුංචි තිරය, රිදී තිරය හරහා ද ප්රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා ගැනීමට සමත් වී සිටින ඇය මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන ටෙලි නිර්මාණයක් වන,

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන “නාඩගම් කාරයෝ” ටෙලි නිර්මාණයේ “රසිකා” නම් තරුණ මවගේ චරිතය හරහා අති විශාල ජනාදරයට පාත්ර වී සිටින බව නොරහසක්.

ඉතින් ඇය තමයි අති දක්ෂ, ජනප්රිය, සුරූපී, නවක රංගන ශිල්පිනී කසුනි කාවින්දි කියලා කියන්නේ. “නාඩගම්කාරයෝ” ටෙලි නිර්මාණයෙහි “රසිකා” නම් චරිතය හරහා වැඩි වශයෙන් රසිකයින් හඳුනාගන්නා ඇය,

ඊට අමතරව මින් පෙර මාද ඔබම විය, සත්යා,කූඹියෝ, පැරිසියට යන පාර, රාවණා 1,2, ත්රෛලෝක, තණමල්විල කොල්ලෙක්, කොහොල්ල දේවතාවි…වැනි නිර්මාණයන් රාශියකට තම රංගන දායකත්වය දක්වා තිබෙනවා.

කුඩා කල සිට රංගනයට දක්ෂතා දක්වා ඇති කසුනි පාසල් කාලයේ ළමා නිළියක ලෙස ද කටයුතු කර ඇති අතර “වේදිකාවෙන් මහපොළොවට” නාට්ය උළෙලේ “ලිස්ට් එක හිර වෙලා” නම් කෙටි නාට්ය හරහායි වේදිකා රංගනයට පා තබා ඇත්තේ.

test 5

ඉන්පසු වේදිකා නාට්ය රාශියක් හරහා තම රංගන දක්ෂතා දක්වා ඇති ඇය වේදිකාව උඩ දැක්වූ දස්කම් දැක බොහෝ නිෂ්පාදකවරුන් ටෙලි නිර්මාණයන්, සිනමා නිර්මාණයන් සඳහා ආරාධනා කළ බවයි ඇය කියා සිටියේ.

වේදිකා නාට්ය, ටෙලි නිර්මාණ හරහා මෙන්ම උතුරු සුළඟ,ඉක්කා, ගජමෑන්,ආයු, වෙඩි නොවදින ළමයි ,සීගිරි, සිහින සමීකරණ…වැනි සිනමා නිර්මාණ යන්ද රාශියකට තම රංගන දායකත්වය දක්වා ඇති අතර ඉන් කිහිපයක් ඉදිරියේදී තිරගත තිරගත වීමට නියමිත බවයි ඇය කියා සිටියේ.

රංගනය පිළිබඳව පුළුල් දැනුමක් ද සහිතව ක්ෂේත්රය හා සම්බන්ධ වී සිටින කසුනි පාසල් කාලයේ ද විෂයක් ලෙස නාට්ය හා රංග කලාව හැදෑරූ බවත්,

ඊට අමතරව කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්යාලයේ රංගනය ප්රධාන විශයක් ලෙස හදාරා කලාවේදී උපාධිය ද ලබා ගත් බව හා මේ වන විට ප්රායෝගිකව චරිතයන්ගෙන් ස්වයං අධ්යයනයක් කරන බවයි ඇය කියා සිටියේ.

ඉතිං මේ දිනවල බොහෝ ප්රේක්ෂක ආදරය දිනා ගනිමින් ජනප්රියත්වයේ හිණිපෙත්තේ පසුවන මේ සුරූපී, යොවුන්, අතිදක්ෂ රංගන ශිල්පිනියගේ ඉදිරි ගමනට අපි ඇයට සුබ ප්රාර්ථනා එක් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button