
සිනමාවේ නිළි රැජිනිය වන මාලනි ෆොන්සේකා මහත්මියගේ පරම්පරාවෙන් පැවතගෙන එන, ෆොන්සේකා කලා පවුලේ පුරුකක් වන ඇය ද සිනමාවට අති විශාල මෙහෙයක් ඉටුකළ වර්තමාන රංගන ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.
බොහෝ සිනමා නිර්මාණයන් හරහා සම්මානයන්ට මෙන්ම විවේචනයට ද ලක් ව සිටින ඇය අති දක්ෂ, ජනප්‍රිය, සුරූපී ,යොවුන් රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා යි.
නව පරපුරේ ජනප්‍රිය, අති දක්ෂ ගායන ශිල්පියෙකු වන ඉන්ද්‍රචාප ලියනගේ සමග විවාහවී සිටින සමනළී මේ වන විට ඉතා සුන්දර යුග දිවියක උරුම කාරියක වනවා.
බොහෝ තරුණයන් ඉතා ආසාවෙන් වැළඳ ගෙන සිටින ගීත රාශියකට උරුමකම් කියන ඔහු ප්‍රවීණ රංගධර හේමසිරි ලියනගේ මහතාගේ ආදරණීය පුත්‍ර රත්නයයි.
ඉතින් මේ ජනප්‍රිය ගායන ශිල්පී ඉන්ද්‍රචාප ලියනගේ ගේ ජන්ම දිනය අද දිනට යෙදී තිබෙන අතර ඔහුගේ දයාබර බිරිඳ වන සමනලී ෆොන්සේකා විසින් ඉන්ද්‍රචාපගේ ජන්ම දිනයට ආසිරි එක් කරමින් ආදරණීය සටහනක් සමාජ මාධ්‍යට මුදා හැර තිබුණා.
ඉතින් අපද ඔහුට සුබ උපන්දිනයකට, වාසනාවන්ත අනාගතයට අසිරි එක් කරමින් ඇයගේ ආදරණීය සටහන මෙලෙස ඔබ වෙත ගෙන එන්න හිතුවා. එය මෙසේයි
“එකිනෙකා හුස්ම ගන්නා හඩක්වත් නො ඇසෙන, බිඳී වැටෙන කඳුලක සෙවනැල්ලක් වත් නොපෙනෙන,
මේ තරම් වියලි යුගයක… ආගාධයේ අඳුරුම පතුලට ගිලෙද්දීත් ආදරයේ අත අත නොහැර සෙනෙහස රැඳුණු
කිසිදු තැනක් අසීරුම මොහොතවල් වලදී කිසිදිනක අත් නොහළ ප්‍රේමය නම් මෙයයි…
ඒ අනෙකාව වටහා ගැනීමයි ! අනෙකාව දරා ගැනීමයි අනෙකාව පිළිගැනීමයි අනෙකාට
ඉඩ දීමයි මට යළි යළිත් පසක් කළ සුවිශාලම, උණුහුම්ම,නිදහස්ම හදවතක් ගැහෙන