
නව පරපුරේ කඩවසම් රංගන ශිල්පියකු වශයෙන් මෙන්ම නිරූපණ ශිල්පියෙකු වශයෙන්ද හැදින ගත් මොහු නමින් දිනෙත් ද සිල්වා වේ. සිනමාව ඔස්සේ විවිධ චරිත හරහා මොහු ව දැක ගැනීමටද හැකි වුණා.
මොහුගේ කඩවසම් පෙනුම හේතුවෙන් තරුණියන් අතර වැඩි වශයෙන් දිනෙත් ප්‍රසිද්ධියට පත්වී තිබෙනවා. පසුගිය වසරේ පුංචි තිරය ඔස්සේ ඔහුගේ රංගන හැකියාව ප්‍රේක්ෂකයාට දැක දැක ගැනීමට අවස්ථා උදා වුණා.
එහිදී ඔහු සංසාරන්‍යය අසබඩ නැමැති ටෙලිනාට්‍ය තුළ ඔහුගේ රංගන කටයුතු සිදුකර තිබුණා. බොහෝ විට ඔහුගේ රංගනයන් දැක ගැනීමට හැකි වන්නේ සිනමාව තුළිනි.

මේ නිසාම මේ රට නිසා ම මෙරට කලා ක්ෂේත්‍රය තුළ ඉදිරියට යන කඩවසම් රංගන ශිල්පියෙකු ලෙස මොහු ව පෙන්වා දිය හැක.
විදෙස් අධ්‍යාපනය ලැබූ ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ කලා ක්ෂේත්‍රයට ඇති ආශාව නිසාම සහ කලා ක්ෂේත්‍රය ඔස්සේ දිගු ගමනක් යෑම සඳහාය මේ නිසා ඔහු රංගන ක්ෂේත්‍රයේ සහ නිරූපණ ක්ෂේත්‍රය තෝරා ගනු ලබනවා.
මොහු වැඩි කැමැත්තක් දක්වන්නෙ චරිතාංග නළුවෙක් වීම සඳහාය. මේ නිසාම ඔහුට එකිනෙකට වෙනස් චරිත ගණනාවක් රඟ දැක්වීම සඳහා අවස්ථා උදා වී තිබෙනවා.

රංගන කටයුතු ඉතා සාර්ථකව සිදු කරමින් ඔහු වටා සිටින ප්‍රේක්ෂකයාට දැනෙන පරිදි නිර්මාණ වලින් සාර්ථක රංගනයක් සිදු කිරීම ඔහුගේ අරමුණයි .
වැඩි කාලයක් විදේශ රටක ජීවත් වූ ඔහු කලා ක්ෂේත්‍රය ඔස්සේ තමන්ගේ අත්දැකීම් තව තවත් පුළුල් කර ගනිමින් ජීවිතය සාර්ථක කර ගැනීමේ අපේක්ෂාවෙන් සිටින තරුණ කලාකරුවෙකි.
මොහුගේ එම බලාපොරොත්තු ඉටු කර ගනිමින් අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙකු වශයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට ඔහුට අවස්ථාව උදාවේවා යැයි ප්‍රේක්ෂක අපි ප්‍රාර්ථනා කරමු . ඔබ ආදරය කරන කඩවසම් දිනෙත් ගේ ඡායාරූප කිහිපයක් තමයි මේ









